කනිෂ්ට අංශයේ පද්‍ය රචනා ජයග්‍රාහී නිර්මාණය - පැහැසර කලා උළෙල 2017


                                                            කියවීමේ අගය 
සරණට සැමත දුරලා ඇති       සරතැසුම
ඉසිඹුල මෙයයි දිවියේ ඇති  පොත් වසම 
පුස්තකාලයට නිතරම            පියනැගුම
මිහිරෙන් මිහිර වේ සැමටම        කියවීම 


             නිසරු දිවියකට පොහොරක් වේ    සැමදා
             කියවන තරම ගුණ නැණ වැඩි වේය  සදා
             කවියක් ගොතන්නට නෙක පදවැල් ඈඳා
             වරයකි ලැබුනෙ කියවීමෙන් මට   පෙරදා


                                        නැණ ගුණ වඩා දැනුමෙන් මුහුකුරා  යති
                                        දිවි මඟ ගෙවන්නට උපදෙස් දෙතිය නිති
                                        තරඟෙට විභාගෙට ඉහළින් උදව්    දෙති
                                        සළකමු තවත් කියැවීමේ අගය      වෙති


                    ආර්.එම්.ගඟන අනූපම සේනාරත්න,
                    ර/නිවි/නිල්මිණිපුර විද‍යාලය,
                    8 ශ්‍රේණිය

හොඳම අදහස - පැහැසර කලා උළෙල 2017

"දරුවන් රැගෙන පාසලට හෝ පෙර පාසලට යන අපි දසකුත් එකක් දෑ නොයෙකුත් ප්‍රලාප කතාකර තැන තැන ඇවිද කාලය වැය (කා) කරන්නෙමු. රන්වලටත් වඩා වටිනා කාලය නැවත ගෙන්විය නොහැක. අතීතය,  වර්තමානය, අනාගතය එක සේ විනිවිද දකින්නට යා යුතු හොඳම තැන පුස්තකාලයයි. ඒ නිසා අපිත් කාලය හරවත් ව ගත කරන්නට පුස්තකාලයෙන් ප්‍රයෝජන ගනිමු. දැනුමෙන් පොහොසත්ව ඵල දරන රුකක් වෙමු".
                                           -යූ. අශෝකා චන්ද්‍ර කුමාරි