පාසල්
දරුවන් සඳහා වසර 02 ක් ද, වැඩිහිටියන්
සඳහා වසරක් ද වශයෙන් පුස්තකාල සාමාජිකත්වය හිමිවේ. අදාල කාලසීමාව අවසන් වූ පසු
නැවත සාමාජිකයන් විසින් සිය පුස්තකාල සාමාජිකත්වය අළුත්කර ගැනීම අවශ‍්‍ය වේ.
සාමාජික අයදුම්පත්‍රය - රු.10.00
සාමාජික ගාස්තුව - රු.50.00
සාමාජිකත්වය අළුත්කිරීමේ
ගාස්තුව (වසරකට ) - රු.50.00
පොත් බැහැර රැගෙන යාම
පුස්තකාලයේ සාමාජිකත්වය ලබාගත් පාඨකයෙකුට
පොත් 02ක්
බැහැරට රැගෙන යා හැකිය . ඒ
දින 14 ක කාලයක් සඳහාය. එම දින 14
අවසානයේ හෝ ඊට පෙරාතුව පුස්තකාලය වෙත බැහැරට රැගෙන යන ලද පොත් භාර දිය යුතුය. තවද,
අවශ‍්‍ය
නම් තවත් ඉදිරි සති 02 ක කාලයක් සඳහා එම පොත්හි
දින දීර්ඝ කරගැනීමට හැකි වේ. (පුස්තකාලයට
නොපැමිණ වුවද දුරකතන ඇමතුමක් මඟින් හෝ තැපැල් පතක් මඟින් හෝ එකී අදාළ දින දීර්ඝ කරගැනීම සිදු කරගැනීමට හැකිය.)
පොත් පිළිබඳ වගකීම
පුස්තකාලයෙන් ලබා ගන්නා පොත් පිළිබඳව
සම්පූර්ණ වගකීම පාඨකයා සතුය. ආපසු බාර දෙන පොත්වලට කිසියම් හානියක් වි ඇත්නම් එහි
අලාභය පාඨකයාට දැරීමට සිදු වේ. එහෙයින් පොත් ගන්නා සෑම අවස්ථාවකදීම ඒවා හොඳින්
පරික්ෂා කර බලා පොතෙහි කිසියම් හානියක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව අදාළ නිළධාරීන්ට
දැනුම් දී පොතෙහි සටහන් කර ගැනීම කළ යුතුය.
පුස්තකාලයෙන් ලබාගත් පොතක් නැති වූ විට
ඒ බව වහාම පුස්තකාලයට දැනුම් දිය යුතුය. ඉන්පසු
අදාල පොත සඳහා එහි වෙනත් පිටපතක් ලබා
දීමට හෝ පුස්තකාලය විසින් නියම කරනු ලබන
ගාස්තුවක් ගෙවීමට පාඨකයා බැඳී සිටී.
පොත් සඳහා ප්‍රමාද ගාස්තු අයකර ගැනීම
නිවිතිගල මහජන පුස්තකාල
අතුරු ව්‍යවස්ථාව (2022/01/21 අංක2,264) අනුව බැහැර ගෙන යනු ලබන පොත් ආපසු භාරදිය
යුතු දිනය ඉක්මවා යන එක් දිනයක් වෙනුවෙන් එක් පොතකට රු.2.00 බැගින් ප්‍රමාද ගාස්තු අය කෙරේ.
සාමාජික අයදුම්පත්‍රය
No comments:
Post a Comment