පුස්තකාල නීතිරීති

පුස්තකාල නීතිරීති

·      පුස්තකාලය තුළට කුඩ, ගමන් මළු,පාර්සල්, හෝ පෞද්ගලික ද්‍රව‍්‍ය රැගෙන ඒමට අවසර දෙනු නොලැබේ. ඒවා තැන්පත් කිරීම සඳහා පිටත වෙන්කර  කර ඇති රාක්කය භාවිතා කල යුතුය.

·      පුස්තකාලයට ප්‍රවේශ වන දොරටුව අසල තබා ඇති පැමිණීමේ ලේඛනයෙහි ඔබේ පැමිණීම  සෑම දිනකම සටහන් කල ‍යුතුය.    
   
·     පුස්තකාලය තුළ දැඩි නිශ්ශබ්දතාවයක් පවත්වාගෙන යා යුතු අතරම සියලුම ජංගම දුරකථන පුස්තකාලය තුළදී විසන්ධි කල යුතුය.

·    පුස්තකාලය තුළ ආසන වෙන් කිරීම සිදු කළ නොහැකිය.

·     පුස්තකාලය තුළ ආහාරපාන ගැනීම, දුම්බීම, ගිනි ගන්නා දෑ භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය.
·     පුස්තකාලය තුළට නොගැලපෙන ඇඳුම් පැළඳුම්, මෙන්ම ශබ්ද නිකුත් කරන පාවහන් පැලැඳීම නොකළ යුතුය.

·     පුස්තකාලය තුළ සෙසු අයට බාධාවක් නොවන පරිදි වීනීතව හැසිරිය යුතුය.


                                            පුස්තකාල ආචාර ධර්ම

පුස්තකාලය දැනුම් සාගරයකි. මාගේ හදවතින්ම පුස්තකාලයට ගරු කරමි.

පුස්තකාලය පොදු ජනතාවගේ සම්පතකි. පුස්තකාලය ආරක්ෂා කිරිමට මම බැඳි සිටිමි.

පුස්තකාල සාමාජිකත්වය ලැබීම මහත් භාග‍්‍යයකි. එම පණිවිඩය සමාජගත කිරීම මාගේ යුතුකමකි. 
     
පුස්තකාලය වත්මන් පරපුර සඳහා පමණක් නොව මතු පරපුර සඳහාය. පුස්තකාලය රැක ගැනිමට මම දායක වෙමි.

1 comment: