2020 හොඳම අදහස

 

-         වනයේ ඇති ගස්වලට කිසිවකු වතුර නොදමන්නා සේ තමන් පොතක් කියවා ලබාගන්නා දැනුමින් සන්නද්ධව තම දැනුම තව, තවත් වර්ධනය කරගත්තේ නම් සහා ඒ ගැන තමන් සතුටු වන්නේ නම්, අත්පුඩි ගසන්නට කිසිවකු අවශ්‍ය නොවේ.පොතින් ලද දැනුම කිසිවකු සොරා නොගනී.පොත් කියවන්නා බුද්ධිමතෙකි.උගතෙකි.ඔවුන් කිසිදා ළිං මැඬියෙකු නොවනු ඇත.   

                                                                                     - ඩබ්.ඒ.දයානි කල්පා

2022 හොඳම අදහස

 

කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන කියමනක් ජනප්‍රවාදයේ පවතී. ඇත්තෙන්ම මිනිසා ගේ ජීවිතය කියවීම මගින් සාර්ථක කර ගත හැකි වේ. කියවීම අධ්‍යාපනයේ එක් කොටසකි. කියවීම ස|හා වයස් සීමාවක් නැත. පොදුවේ කාටත් කියවිය හැකිය. කියවීම තුලින් අපට විවිධ අයුරින් දැනුම ලබා ගත හැකිය. දැනුම අතර ප්‍රධාන තැනක් ගන්නේ කියවීමයි. මිනිස් සංහතියටම කියවීම අවශ්‍ය වේ. කායවීම තුළින් මනස දියුණු වී බුද්ධිය වර්ධනය කර ගත හැකි වේ.

                                                           - එච්.එච්. පියුමි ශාන්ති

හොදම අදහස - 2019

මිනිසා ශ්‍රේෂ්ඨත්වයට පත් වන්නේ ඔහුගේ ධනය බලය නිසා නොව ඔහුගේ උගත්කම පදනම් කර ගෙනයි.උගත්කම ඇති කර ගත හැක්කේ දැනුම වර්ධනය කර ගැනීම මතයි. බුද්ධිය මිනිසාට උත්පත්තියෙන් හිමි වන දෙයක් වන අතර දැනුම ලබාගත හැක්කේ පොත පත පරිශීලනය මඟින් වේ. ලෝකයේ බොහෝ උගතුන් බිහි වී ඇත්තේ උත්පත්තියෙන් ලැබුණු දායාදයක් නිසා නොව පොත පත පරිශීලනය මඟින් ලබාගත් දැනුම් සම්භාරය නිසයි.පොතක් කියවීම මඟින් දැනුම පමණක් නොව ජීවිතාවබෝධය ද  හිමි වේ. බිඳුණු සිත් සනසා තුන් කාලයටම ගැළපෙන ආකාරයට ජීවත් වීමේ ගැඹුරු කතාන්දරය අපට කියාදෙන්නේ පොතපතයි.         

-  ඩබ්.ඒ.අනූෂා උදයංගනී