පුස්තකාල සේවා

1. පොත් බැහැර ගෙන යාම

එක් සාමාජිකයෙකු සඳහා පොත් 02 ක් බැහැරට රැගෙන යාමට හැකිය. පොත් බැහැර ගෙනයාම පුස්තකාලයේ පවතින නීතිරීතිවලට අනුකූලව සිදු කෙරේ.

2. සඟරා පරිශීලන පහසුකම් 

වෛද‍යවරයා, මනහර, දෙසතිය, පරිගනක,මැහුම් තක්සලාව යන සඟරා පුස්තකාලය විසින් දැනට වාර්ෂික දායකත්වය මත  මිළදී ගනු ලබන සඟරා වේ.

3. පුවත්පත් පරිශීලන පහසුකම්


සිංහල,දමිළ,ඉංග්‍රීසි යන ත්‍රෛභාෂාවන් ගෙන් දිනපතා සහ සති අන්ත පුවත් පාඨකයන් වෙත පරිශීලනය කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

4. පුවත්පත් කැපුම් සේවා

වාර්ෂික දායකත්වය යටතේ පුස්තකාලය වෙත මිළදී ගනු ලබන පුවත්පත් හි අන්තර්ගත ලිපි හි වැදගත්කම අනුව වෙන් වෙන් වූ විෂය පථයන් සහ කරුණු කාරණා යටතේ පාඨක තොරතුරු අවශයත්කතාවය මත මෙකී පුවත්පත් කැපුම් සේවාව  පවත්වාගෙන යාම සිදු  වේ. 

5. විමර්ශන සේවා


පුස්තකාලය තුළ පමණක් පරිශීලනයට පහසුකම් සලසා ඇති වැදගත්කමින් අනූන, දුර්ලහ, පහසුවෙන් තොරතුරු උද්දරණය කිරීමේ හැකියාවෙන් යුතු ග්රසන්ථ  මෙන්ම, පාඨකයන් අතින් නැතිවීම හෝ ඒවාට හානි පැමිණවීම අවම කර ගැනීම සඳහා  මිලෙන් අධික ග්රථන්ථ ද මේ යටතේ පරිශීලනයට පහසුකම් සලසා ඇත. ඒ සඳහා පාඨකයන් විසින් සිය ජාතික හැඳුනුම්පත පුස්තකාල කාර්යය මණ්ඩලය වෙත ඉදිරිපත් කල යුතු වේ.

6.කියවීමේ පහසුකම්

පාඨකයන් වෙත සිය අධ‍යන  කටයුතු සිදුකර ගැනීමට පුස්තකාල අභ‍යන්තරයේ මෙන්ම ඉන් බාහිරව ද  කියවීම් මේසයක් වෙන් කර ඇත.   

7.අන්තර්ජාල පරිශීලන පහසුකම්

පුස්තකාලයෙහි දැනට පවතින සම්පත් භාවිත කරමින්  පාඨකයන් වෙත අන්තර්ජාල පරිශීලනයට අවස්ථාව සලසා දී ඇති අතර ඒ සඳහා විනාඩි 30 ක කාලයක් සඳහා රු.50.00 ක මුදලක් අය කරනු ලබයි.

8.වරණීය විඥාපන සේවා

පාඨකයන් ගේ තොරතුරු අවශයතාවය නිසි ලෙස සපුරාගැනීමට නොහැකි වූ අවස්ථාවන් හී දී පෞද්ගලිකවම  මැදිහත් වී ඔවුන්ට  අවශය තොරතුරු පහසුකම් සැපයීමට කටයුතු කරනු ලබයි.
උදා:- පාඨකයෙකු විසින්  සොයනු ලබන පුස්තකාලයේ පවතින නමුත් බැහැරට රැගෙන ගොස් ඇති පොතක්  වේ නම් එම පොත නැවත පුස්තකාලය වෙත ලැබුණු පසු අදාළ පාඨකයා දැනුවත් කිරීම.

9.ජංගම පුස්තකාල සේවා

පුස්තකාලයේ පවතින පොත් පාඨකයන් වෙත ජංගමව රැගෙන යාමට කටයුතු කිරීම වේ.

10. ජයා පිටපත් සේවා

අවශය  පාඨකයන් සඳහා ජයා පිටපත් ලබාගැනීමට පහසුකම් සලසා ඇත.          


No comments:

Post a Comment