දැනුම බෙදා හැරීම සඳහා මිනිස් ලෝකයේ භාවිතා වන සාර්ථකම උපාය මාර්ගය ලෙසින් පුස්තකාල හැඳින්විය හැකියි. දැනුම් ගබඩා ලෙස සැලකෙන පුස්තකාල විශේෂ වන්නේ ඒවායේ ඇති අතිවිශාල පොත් සම්භාරය නිසා පමණක් නොවේ. යම් පුස්තකාලයක ඇති පොත්වල දුර්ලභ හා පැරණි බවත්, පවතින පොත් වල ගුණාත්මක බවත්, පුස්තකාලයේ අනන්‍ය බවත් යන සාධක එක්ව ගත් කළ පුස්තකාලයක් යනු වෙනමම සංස්කෘතියක් ලෙසින් ද ගත හැකියි. එබැවින් තවදුරටත් නිවිතිගල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ කියවීමේ පුරුද්ද වැඩි දියුණු කිරීම සඳහා ඇප කැප වෙමින් කටයුතු කිරීෙම් කිරීමේ උදාරතර අරමුණින් 1959.06.25 වන දින කුඩා පොත් ප්‍රමාණයකින් අප නිවිතිගල මහජන පුස්තකාලය ආරම්භ වී ඇත. ඉන් අනතුරුව 1965 ඔක්තෝම්බර් මස වන විට පැවති තත්ත්වය වර්ධනය කර ගනිමින් පොත් සංඛ‍්‍යාව 1168 ක් බව ට ද, ප්‍රදේශයේ ප්‍රජා මණ්ඩල සමිති න් හි සාමාජිකයන් ද ඇතුළුව සමස්ත සාමාජික සංඛ‍්‍යාව 97 ක් වු බව ට ද වාර්තාගත තොරතුරු අනුව පෙන්වා දිය හැකිය. පුස්තකාලය විසින් පවත්වාගෙන යනු ලබන සාමාජික නාම ලේඛනය අනුව ආරම්භක පාඨකයා වනුයේ පී.ඩී.යූ.එන්.කේ.කුලවංශ මයා වේ.
දැක්ම : - පාඨක ප්‍රජාවේ
දැනුමේ නිම්වළලු පුළුල් කිරීම අපගේ දර්ශනය වන්නේය.
මෙහෙවර:- තම බල ප්‍රදේශයේ
වෙසෙන ජනතාවට කිසිදු භේදයකින් තොරව කාලීනව ප්‍රජා තොරතුරු සැපයීම සහ පොදු සමාජයේ අධ්‍යාපනික හා සංස්කෘතික
වර්ධනය සඳහා දැනුම ලබාදී බුද්ධිමත් පුරවැසියන් බිහිකිරීම අපගේ මෙහෙවරයි.
No comments:
Post a Comment