පැහැසර සාහිත‍ය උදානය 2018 - නිසඳැස් තරඟාවලිය ( විවෘත )


ජයග්‍රාහී නිර්මාණය 

නූතන අප්සරාව
හැංගීගෙන පියයුරු යට
නුඹ දෙස බලනා කල
සිනාසුනේ ඇයි ?
නුඹ මට            සරදමට

කොමුල් අමඩ් ලෙඩ් ලිනසී1 අප්සරාවී.......
මා නුඹේ සිත්තරා  නොවේ..

අතට නොපිපි කුසුමක් ගෙන
සෙනෙහස් වක්කඩ කඩාන
දිග් ඇස් දිග් ඇස් හියෙන් විද2
ඉගිල්ලුනිද සෙයිලමකට
ආලකමන්දාව අතැර

මත් බඹරු ගුල ඇවිලි
නොමන්ද්ලොල වී කිහුඹු3...

හමුළ් මරු ජහස් සුසුහස් සන්දල්ලා4
පපුව ළමැද හිරිවැටෙන්න
හදට ඇඟිල්ලෙන් ඇන ඇත
නුවන් දස දහස් ගණනක්
නුඹේ ගත වටා ඉගිලින

රසන්වැළැ ගන්නා රිසින හත්...5
මන ජල්වයි සිත් නොමුසී...6

ලවන් තැබූ පා සටහන් හෙමින් ලැමේ වියැකෙන විට
ඇළුම් කරන් පණ පොදකට හෙමින් ඇවිත් නුඹ බැද්දට
ලැජ්ජවීද බිම බලාන

පිරිබුන්පගා මලයුනදිවොට.....7

පතිවත රැකි අප්සරාව, සීගිරි ගල මත වැජඹුනු
දූෂ්‍ය වූ ගැහැණිය නුඹ,දරුවන් සමඟින් තනිවන
සීගිරි ගල පාමුල අද
බණතුජ් නොබෙණෙන් ඇසිපියෙව්
එයුන්ලයු නැත්තෙ.....8


මෙමට පන්හිඳක් ලැබුණිද ? - නුඹ ගැන කවි ගී ලියන්න
මෙමට පින්සලක් ලැබුණිද  ? - නුඹ ගල් තලයක අඳින්න..


කේ.ජී.හංසිකා දුලාෂිණී නිලූකා 
සංවර්ධන නිළධාරී, නිවිතිගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය,




උපුටා ගැනීම් - සීගිරි ගී

1.      කොමුල් අමඩ් ලෙඩ් ලිනසී (103) කොමඩු ගෙඩියක ඇට මෙන් දත් ඇති කාන්තාවනි
2.      දිග් ඇස් දිග් ඇස් හියෙන් විද- දිගැසිය දිග ඇස් නැමති හීයෙන් විදිමින්
3.      මත් බඹරු ගුල ඇවිලි නොමන්ද්ලොල වී කිහුඹු - පැණි වලට ලොල් වී මත් වූ මී මැස්සන් මලටම ඇලිඇලී සේ
4.      හමුළ් මරු ජහස් සුසුහස් සන්දල්ලා - සුළඟ හමා දහස් ගණන් වෘක්ෂයේ බිම පතිත විය
5.      රසන්වැළැ ගන්නා රිසින හත්(104) මෙවුල් දම ගන්නා රිසින් අත් එසවෙයි
6.      මන ජල්වයි සිත් නොමුසී(103) මනස දල්වයි සිත ඈ කෙරෙන් නුමුදයි
7.      පිරිබුන්පගා මලයුනදිවොට(134) පිරිහිනු ධෛර්ය හා මැලවී ගිය දිව හා තොල් ඇතිව
8.      බණතුජ් නොබෙණෙන් ඇසිපියෙව්එයුන්ලයු නැත්තෙ - කතා කලද කතා නොකරයි ඇසිපිය සෙලවීමක් පවා නැත.

No comments:

Post a Comment